factograf
SI

පාචනය

පාචනය
All data from the card 9
වෙනත් නම්
Diarrhoea
විශේෂඥතාව
Infectious disease, gastroenterology
රෝග ලක්ෂණ
Loose frequent bowel movements, dehydration
හේතූන්
Usually infection (viral, bacterial, parasitic)
අවදානම් සාධක
Contaminated food or water
වැළක්වීම
Handwashing, rotavirus vaccination, breastfeeding
ප්‍රතිකාර
Oral rehydration solution, zinc supplementation
සංඛ්‍යාතය
≈2.4 billion (2015)
මරණ
1.53 million (2019)

වෛද්‍ය විද්‍යාවේදී පාචනය යනු, නිරතුරුවරම තරලමය ආකාරයට මළපහ පිටවීමයි.

පාචනය බොහෝ පුද්ගලයන් තුළ අප්‍රසන්න හැගීමක් ඇති කළ ද සාමාන්‍යය සහ දරුනු තත්ත්වයේ පාචනයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරු මරණ ඇති වීම කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරයි. ලොව පුරා පාචනය ප්‍රධාන වශයෙන් ඇති වන්නේ ‘ආන්ත්‍රික ප්‍රදාහය‘ හේතුවෙනි.

ඇතිවීමට හේතු

පාචනය බොහෝ විට ඇති වනුයේ වෛරස ආසාදනය, පරපෝෂිතයන් හෝ බැක්ටීරියා ධූලක මගිනි. සෞඛ්‍ය ආරක්ෂිත ජීවන තත්ත්වයක් සහිත ප්‍රමාණවත් පරිදි ආහාර සහ පිරිසිදු ජලය ඇති නිරෝගී පුද්ගලයෙකු වෛරස ආසාදනයක් මගින් දින කිහිපයක් තුළ යථා තත්ත්වයට පත්වේ. කෙසේ වුවද රෝගි සහ මන්ද පෝෂණයට ලක් වූ පුද්ගලයින්ට පාචනය ඇති වූ කල්හි ඔවුන් අධිකව විජලනයට පත් වන අතර නිසි ප්‍රතිකාර නොලැබුණ හොත් එය ඔවුන්ගේ ජීවිත අවධානමට ලක් කරයි. පාචනය ඇතැම් අවස්ථා වලදී අතීසාරය, Montezuma’s Revenge, කොළරාව සහ බැක්ටීරියානු ආහාර විෂවීම යන බැරෑරුම් රෝග තත්ත්වයන්හි ලක්ෂණයක් වන අතර ඇතැම් විට එය Crohn’s disease හෝ බිම්මල් විෂවීම යන රෝග තත්ත්වයන් ඇති බව පෙන්නුම් කරයි. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති රෝගීන්ට සාමාන්‍යයෙන් පාචනය ඇති නොවුනද උණ්ඩුකපුච්ඡය පුපුරා ගොස් ඇති අවස්ථාවලදී පාචනය ඇති වේ.

ලැක්ටෝස් නම් සීනි වර්ගය ජීර්ණය කළ නොහැකි රෝගීන්ට කිරි ආහාර ගැනීමේදී පාචනය ඇති වේ.

පාචනය ඇති අවස්ථාවන්හිදි දේහයෙන් ඉවත් වන තරල ප්‍රමාණය නැවත යතා තත්ත්වයට පත් කරගැනීම සදහා ප්‍රමාණවත් පරිදි පානීය ද්‍රව්‍ය ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙලෙස ගන්නා පානීය ද්‍රව්‍යයන් පෝෂක ද්‍රව්‍ය ලවණ සහ ලුණු අන්තර්ගත වන පරිදි ගැනීම වඩාත් උචිත වේ. බොහෝ පුද්ගලයන් හට මීට වඩා ප්‍රතිකාර ලබාගැනීම අනවශ්‍ය වේ. පහත දැක්වෙන අවස්ථා වලදී පාචනය ඇති වන විට වෛද්‍ය උපසදස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

  • ළදරුවන්ට පාචනය ඇති වන අවස්ථා
  • කුඩා ළමුන් හට මධ්‍යම ප්‍රමාණයෙන් හෝ දරුණු ලෙස පාචනය ඇති වන අවස්ථා
  • පාචනය සමග රුධිරය පිටවන අවස්ථා
  • දින දෙකකට වඩා පාචනය පවතින අවස්ථා
  • උදරයෙහි වේදනාව, උණ සහ බර අඩු වීම වැනි රෝග ලක්ෂණ ඇති වන අවස්ථා
  • සංචාරකයින් හට පාචනය ඇති වන අවස්ථා (මෙ‍හිදී බොහෝ විට පාචනය ඇති වනුවය් පරපෝෂීන් මගිනි.)
  • ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන් හට පාචනය ඇති වන අවස්ථා (මොවුන් අන්අයටද පාචනය ඇති කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත)
  • රෝහල් දිවා සුරකුම් මධ්‍යස්ථාන වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථාන වැනි ආයතන වල පාචනය ඇති වන අවස්ථා

කුඩා ළමයින්ගේ පාචන රෝග නිර්ණය කිරීමට දර්ශකයක් භාවිතා කිරීම.

Read next

In 128 languages

siAfrikaansÆngliscالعربيةasturianuAymar aruazərbaycancaتۆرکجهбеларуская (тарашкевіца)беларускаябългарскиभोजपुरीবাংলাbrezhonegbosanskicatalàнохчийнکوردیčeštinaчӑвашлаCymraegdanskdagbanliDeutschThuɔŋjäŋދިވެހިބަސްeʋegbeΕλληνικάEnglishEsperantoespañoleestieuskaraفارسیsuomiNa Vosa VakavitifrançaisGaeilgeGàidhliggalegoGhanaian PidginગુજરાતીHausaעבריתहिन्दीhrvatskiKreyòl ayisyenmagyarհայերենԱրեւմտահայերէնBahasa IndonesiaIgboIdoíslenskaitaliano日本語JawaქართულიGĩkũyũқазақшаಕನ್ನಡ한국어کٲشُرкыргызчаLatinaLëtzebuergeschlombardlingálalietuviųlatviešuBasa BanyumasanMalagasyмакедонскиമലയാളംमराठीBahasa Melayuမြန်မာဘာသာэрзяньनेपालीNederlandsnorsk nynorsknorskSesotho sa Leboaoccitanଓଡ଼ିଆpolskiپښتوportuguêsRuna SimiromânăрусскийIkinyarwandaᱥᱟᱱᱛᱟᱲᱤsicilianuسنڌيsrpskohrvatski / српскохрватскиSimple EnglishslovenčinaslovenščinaSoomaaligashqipсрпски / srpskiSundasvenskaKiswahiliதமிழ்తెలుగుไทยTagalogtoki ponaTürkçeтатарча / tatarçaTwiئۇيغۇرچە / Uyghurcheукраїнськаاردوoʻzbekcha / ўзбекчаTiếng ViệtwalonWolof吴语isiXhosaYorùbáVahcuengh閩南語 / Bân-lâm-gí粵語中文isiZulu

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article